හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මීගස්මුල්ල ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ මාසික රැස්වීම 2023-08-26 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.
මෙහිදී ,වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ අරමුණින් කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් සඳහා පොල් ටොපි සෑදීමේ පුහුණු වැඩසටහනක් පැවැත්විණි.
නිලූකා මහත්මිය විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මේ සඳහා වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී ප්රධාන කාන්තාවන් රැසක් සහභාගී විය.
මීගස්මුල්ල කාන්තා කාර්ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සැලසුම්කරණය වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදුකරන ලදී .


















