වැඩිහිටි ප්රජාව වෙත නිරෝගී සුව ,දීර්ඝායුෂ පතා හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම වැඩිහිටි බලමණ්ඩළය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 2023-08-23 වන දින කටුවාන පිංබිම පූජාභූමියේදී පවත්වන ලදී.
වැඩිහිටි බලමණ්ඩල ලේකම් සහ කටුවාන වැඩිහිටි සමිති සභාපති,ලේකම්, මාගම්මන ග්රාම නිලධාරී රංජිත් තලාකොටුන්න යන මහත්වරුන් මේ සඳහා දායකත්වය සපයනු ලැබීය.
කාර්යාලයීය සමාජ සේවා අංශය නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්ද වැඩිහිටි ප්රජාව රැසක් බැති සිතින් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.




















