නව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අනාගත ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා මඟ පෙන්වීම වෙනුවෙන් සංවිධානය වූ "ව්‍යාපාරයට මඟ" වැඩසටහන 2023/08/15 දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රය පිළබඳ රුචිකත්වය ඇති 26 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී සාර්ථක ලෙස ව්‍යාපාරය නංවා ගත් "සින්ති බේබි වෙයා(ර්)" ආයතනයේ අධිපතිනි තමාරා දයානි මහත්මියගේ දායකත්වයෙන් එම ව්‍යාපාර ගමන් මඟෙහි අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාවක්ද සංවිධානය වී තිබුණි.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නිරෝෂා නානායක්කාර මහත්මිය සහ අමල් ගුරුසිංහ මහතා විසින් ලබා දෙනු ලැබූ අතර කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලදී.




















