හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් සඳහා මානසික රෝග හඳුනා ගැනීම තුළින් යහපත් මානසික සෞඛ්‍යයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.08.20 වන දින ශෙෙලන්තායතන පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් ලබාදෙන ලදී.
හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .


















