සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ "දොළොස් මහේ පහන" සංස්කෘතික ප්රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "නිදහසේ අහස " සරුංගල් නිර්මාණය කිරිමේ හා ගුවන් ගත කිරිමේ වැඩසටහන 2023/08/20 දින පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා ගොඩගම පුරාණ ව්හාරයේ දි හා ඒ අසල මහදෙණිය වෙල්යායේදි පැවැත්විණි .
පාසල් නිවාඩු සමයෙහි දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ සතුට ,විනෝදය ,කණ්ඩායම් හැඟීම් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන , ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය හා ගොඩගම රතනසාර දහම් පාසල හා ඒකාබද්ධව සංවිධානය විය.
ප්රාදේශීය ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සහභාගී වූ කණ්ඩායම් 10 අතුරින් , නිර්ණායක පහක් යටතේ තෝරා ගත් ජයග්රාහී කණ්ඩායම් 05 සඳහා සහතික පත්ර ප්රදානය ද සිදු කිරීමද මේ හා සමගාමීව සිදුවිය.





















