අනාගත පරපුර වෙත හෙට ලොව වගකීම් පැවරීමට ප්‍රථම ඒ සඳහා ඔවුන් බල ගැන්වීම, නිසි මගපෙන්වීම සහ අවැසි උපදේශනය ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශන වැඩසටහන 2023-08-31 වන දින මීගොඩ ධර්මරාජ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි .
එම විද්‍යාලයේ අ.පො.ස.( සා.පෙ) විභාගය සඳහා මුහුණ දීමට අපේක්ෂිත සිසු දරුදැරියන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීනී එරන්දතී රන්දෙණිය මහත්මිය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය සහ සංවිධාන කටයුතු කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන ලදී .














