හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙරලියාවල ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීම 2023.08.31 වන දින සේවා පියස පරිශ්රයේ දී සිදු කරන ලදී.
මෙහිදී , ක්රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්රමවේදයන් පිළිබඳ වනිතා සංවර්ධන නිලධාරී විසින් ප්රජාව දැනුවත් කරන ලදී.
තවද කාන්තා කාර්ය සංවිධානය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද මෙහිදී සිදුවිය.
මෙම වැඩසටහන හෙරලියාවල වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කෙරුණි.














