හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල නිලවරණය 2023.09.06 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙහිදී , ප්‍රාදේශිය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් ඉදිරි වර්ෂ සඳහා බලපැවැත්වෙන ලෙස නව නිලධාරී මණ්ඩලය පත්කරගන්නා ලදී.
එසේම, කාන්තා කාර්ය සංවිධාන 05 ක නිලධාරින් 15 දෙනකු අගය කරනු පිණිස ත්‍යාග ප්‍රදානය කිරීම හර්බ් ලයින් ආයතනයේ අනුග්‍රහය යටතේද එක් කාර්ය සංවිධානයක් සඳහා ත්‍යාග සඳහා හිටපු බලමණ්ඩල සභාපති තුම්ය විසින් දායකත්වය ලබාදෙන ලදී.
නිලවරණය සඳහා කාන්තා කාර්ය සංවිධාන 50ක් ප්‍රතිසංවිධානය කරන ලද අතර මෙහිදී කාන්තා කාර්ය සංවිධාන 39ක සාමාජිකාවන් 113දෙනෙකු ඡන්දය සඳහා සුදුසුකම් ලැබීය.














