සමථකරණය සහ ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන්  පිටපන දකුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-05 වන දින පිටපන දකුණ සේවා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

 

ගැටලු ආරවුල්වලින් තොර මනසක් පවත්වාගෙන යාමේ අගය,සමථ මණ්ඩල පනත ප්‍රකාරව සමථකරණයට යොමු කළ  හැකි ගැටලු ආරවුල්   සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ආරවුල් ගැටලු ඇති පවුල් හඳුනාගනිමින්  ඉදිරි කටයුතු සදහා යොමු කිරීම මෙම වැඩසටහන මගින් සිදුවිය.

මේ හා සමගාමීව ගෘහස්ථ ඵලදායිතාව සංවර්ධනය කිරීමට අදාළ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම, ආර්ථික ඵලදයිතාව සදහා උපදෙස් ලබාදීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අදාළ උපදෙස් ලබා දීම , ඵලදායිතා විෂය සමගාමීව සිදුවිය.

පිටිපන දකුණ සමෘද්ධි  සමිති සමාජිකයින් මේ සඳහා ඉලක්කගත කණ්ඩායම වශයෙන්  යොදාගත් අතර මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සමථ නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන නිලධාරී කමනි ඩයස් මහත්මිය විසින් ලබාදෙන ලදී .

පිටිපන දකුණ ආර්ථික සංවර්ධන නිලධාරී ,පිටිපන දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරී මේ සඳහා අවැසි සම්බන්ධීකරණය සහ සහයෝගය ලබාදුනි.

PitapanaSouthcommunity20230905

PitapanaSouthcommunity20230905 2

PitapanaSouthcommunity20230905 3

PitapanaSouthcommunity20230905 4

PitapanaSouthcommunity20230905 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top