හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කදනවත්ත ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ වාර්ෂික සංවත්සරය ඉලක්ක කරගනිමින් සංවිධානය වූ රසවින්දන වැඩසටහන 2023.09.02 වන දින එම වසමෙහි සේවා පියස පරිශ්රයේ දී පවත්වන ලදී.
කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකාවන්ගේ මානසික සුවය ඇති කිරීම අරමුණ කරගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කලා ශිල්පී , සංවර්ධන නිලධාරී නිලංක නවෝද් සිරිවර්ධන මහතා විසින් ලබාදෙන ලදී.
කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරනලද මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් සිදුකරන ලදී.



















