හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි , ප්‍රජා විශෝධන සේවාලාභීන්ගේ මානසික සුවතාවය සහ කලාව ඇසුරින් ඔවුන්ගේ දිවිය නංවාලීම අරමුණ පෙරදැරිව සංවිධානය වූ රසවින්දන වැඩසටහන 2023-09-06 වනදින බිත්තිවල කුඹුර පුරාණ විහාර පරිශ්‍රයේදී පැවැත්විණි .
මේ සඳහා සම්පත්දායකත්වය, පනාගොඩ ස්වරංගා කලායතනාධිපති දිස්නා සංජීවනි දේවගේ මහත්මිය හා කමල් ඉලේපෙරුම මහත්මා විසින් ලබා දෙන ලදි.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය සංස්කෘතික නිලධාරී සහ ප්‍රජා විශෝධන නිලධාරී විසින් සිදුකරන ලදී.


















