බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරන ලද ශ්රවන උපකරණ බෙදාදීමේ වැඩසටහන 2023-09-08 වන දින කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි .
මෙහිදී තෝරාගන්නා ලද ප්රතිලාභීන් වෙත ශ්රවන උපකරණ බෙදාදීම කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය අතින් සිදුවිය.
මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සිදුකරන ලදී .




















