මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දරුවන් යොමු වීමට බලපාන අවධානම් සාධක පිළිබඳව සහ මත්ද්‍රව්‍ය නිවාරණය මූලික කරගනිමින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-17 වන දින සුවපුබුදුගම ශානි පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි .
මෙම වැඩසටහන එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් පැවැත්වුණි.
කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරල මහතා, බාහිර සේවා හා උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේලිආරච්චි මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සංවිධානය සුවපුබුදුගම සංවර්ධන නිලධාරී මහත්මිය විසින් සිදුකරන ලදී.















