ළමා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දරුවන් සවිබල ගැන්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-08 වන දින හෝමගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා එම විද්‍යාලයේ 7,8 සහ 10 ශ්‍රේණීන්හි අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් යොදාගත් අතර ඒ ඒ ශ්‍රේණීන්ට අදාළව වැඩසටහන් 3ක් සංවිධානයව ක්‍රියාත්මක ව්ය.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සංවිධාන සහාය එම විද්‍යාලීය උපදේශන ගුරුතුමිය විසින් ලබා දෙන ලදී.
කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවාව හා උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේලිආරච්චි මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.















