නව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අනාගත ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා මඟ පෙන්වීම වෙනුවෙන් සංවිධානය වූ "ව්‍යාපාරයට  මඟ" වැඩසටහන 2023/09/12 වන  දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

මේ සඳහා  20 කට ආසන්න පිරිසක්  සහභාගී වූ අතර , සාර්ථක ලෙස  තම ව්‍යාපාරය සංවර්ධනය කරගත්  "kawumKokis.com"  ආයතනයේ අධ්‍යක්ෂිකා  නිලුෂිකා මුණසිංහ මහත්මිය විසින් තම ව්‍යාපාර ගමන් මඟෙහි අත්දැකීම්  පැමිණි පිරිස සමඟ හුවමාරු කරගත්තාය.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නිරෝෂා නානායක්කාර මහත්මිය සහ තිලිණි වඩුගේ මෙනවිය විසින් සපයනු ලැබීය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයිය කුඩා ව්‍යාපාර අංශය මගින් සංවිධානය කරන ලදී.

20230912RoadtoBusiness

 

20230912RoadtoBusiness 2

20230912RoadtoBusiness 3

20230912RoadtoBusiness 4

20230912RoadtoBusiness 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top