හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කලාකරුවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සංස්කෘතික අංශය හා එක්ව සුසැදි ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයේ මහා සභා රැස්වීම 2023-09-13 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .
මෙහිදී , බලමණ්ඩළයට ආධාර පිණිස පසුගිය ජූලි මාසයේ වේදිකාගත වූ හුණු වටය නාට්‍ය හා එහි ප්‍රගතිය පිළිබඳවද 2023 ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.
හුණුවටය නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා අපමණ වෙහෙසක් දරමින් ,තම කාලය, ශ්‍රමය වැය කල සංවිධායක කමිටු සාමාජික කලාකරුවන් , සංස්කෘතික නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් තුමන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් සහභාගී වූ අතර මෙම වැඩසටහන කාර්යාලයීය සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලදී.


















