හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , බටවල ග්‍රාම නිලධාරී වසමෙහි දරිද්‍රතාවය සහිත පවුලක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම 2023-09-15 වන දින සිදුවිය.
කාර්යාලයීය සමාජ සේවා නිලධාරි මහත්මිය විසින් කරනා ලද ඉල්ලීමකට අනුව වනිතා සංවර්ධන නිලධාරී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ සංවිධානයෙන් , කාන්තා බල මණ්ඩල සභාපතිතුමයගේ අනුග්‍රහය සහිතව රුපියල් 7500.00 වටිනාකමක් සහිත ආහාර ද්‍රව්‍ය එම පවුල වෙත ප්‍රදානය මෙම කටයුත්ත මගින් සිදුවිණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම සද්කාර්ය සඳහා වනිතා සංවර්ධන නිලධාරී , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි,උපදේශන නිලධාරි සහ කාන්තා බල මණ්ඩලයේ සභාපති සහභාගී විය.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

















