හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සංඝාරාම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන මහ සභා රැස්වීම 2023.09.16 වන දින වසමෙහි, සේවා පියස පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා වනිතා සංවර්ධන නිලධාරී , වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු කාන්තාවන් රැසක් සහභාගී විය.
මෙහිදී, සංවිධානය තුළ පැවති ගැටළු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කළ අතර ඒවා නිරාකරණය කිරීම සඳහා අවැසි උපදෙස් ලබා දීමද සිදුවිය.
එමෙන්ම, කාන්තා කාර්ය සංවිධානයේ ඉදිරි වැඩසටහන් සැළැස්ම සකස් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සහ කාන්තා කාර්ය සංවිධානයේ මාසික පොළ මේ මස 30 වන දින පැවැත්වීමට මෙහිදී යෝජනා විය.


















