ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීම් දහසේ ව්‍යාපෘතියට සමගාමීව "වෙරළ ,ගංගා,වනාන්තර සහ වීථිවලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීම " යන තේමාව ප්රමුඛ කරගනිමින් හෝමාගම කටුවාන සහ හෝමාගම හයිලෙවල් මාර්ගය සම්බන්ධ වන අතුරු මාර්ගයේ (Bypass Road) මාර්ග රක්ෂිතය ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සැප්තැම්බර් 16 දින සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් කැකුලාවල මහතාගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්, කටුවාන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී තුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය ප්රමුඛ කටුවාන ප්‍රදේශවාසීන්, ප්‍රසන්නපුර කාන්තා කාර්යය සංවිධානයේ සාමාජිකාවන් මෙම පිරිසිදු කිරීමේ අවස්ථාවට සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා කටුවාන ග්‍රාම නිලධාරී තුමිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.





















