බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 2023-09-19වනදින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
ස්වයං රැකියා පුහුණු වෙළඳපොළ පිළිබඳ දැනුවත් කිරීම සහ එම වෙළෙඳපොළට සරිලන ආහාර පිළියෙල කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මේ සඳහා ප්‍රතිලාභීන් ලෙස කාන්තාවන් 60 දෙනෙක් ගේ සහභාගිත්වයක් හිම්විය.
මේ සඳහා සම්පත් දායකත්වය විද්‍යා හා තාක්ෂණ නිලධාරී පී .ඒ මාලිකා මහත්මිය විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය මගින් සංවිධානය විය.




















