හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හේනවත්ත ග්‍රාම නිලධාරි වසමෙහි දෙමාපියන් සහ දූදරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "යොවුන් වියේ ගැටලු අවම කිරීම" පිළිබඳ වැඩසටහන 2023-09-14 දින එම වසමෙහිදී පවැත්විණි.
හෙට්ටියාවත්ත ග්‍රාමයෙහි" මව් හවුල " මගින් සoවිධානය වූ මෙම වැඩසටහනෙ සඳහා හේනවත්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය විසින් සංවිධානය සඳහා මූලිකත්වය ගනු ලැබීය.
කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධනය නිලධාරීන් විසින් වැඩසටහන මෙහෙයවූ අතර හෙට්ටියාවත්ත වසමෙහි දරුවන් හා මව්පියන් මේ සඳහා ප්‍රතිලාභීන් ලෙස සහභාගී කර ගැනුණි.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සහ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිතුමන්ගේ සහභාගීත්වය හිමිවිය.


















