හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේනවත්ත සහ මුල්ලේගම දකුණ යන ග්රාම නිලධාරී වසම් ද්විත්වයෙහි කාන්තා කාර්ය සංවිධානයන් මගින් සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.16 වන දින සාර්ථකව පවත්වන ලදී.
ග්රාමීය කාන්තා ප්රජාව ආර්ථික වශයෙන් නගා සිටුවීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
අදාළ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් සිදුකරන ලදී .


















