පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සහ වෘත්තීය පුහුණුවේ කාලීන අවශ්‍යතාව පිළිබඳ රැකියා සහ පුහුණු අපේක්ෂිත තරුණ ප්‍රජාව සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-20 වනදින, හබරකඩ දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි , ශෛලන්තාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වය හිමිවිය.
හබරකඩ දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී පුෂ්පා හේරත් මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර, මේ සඳහා සම්පත් දායකත්වය මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඒ.විජේකෝන් මහතා සහ මානව සම්පත් නිලධාරී ඒ.නන්දනී මහත්මිය, නිපුණතා සංවර්ධන නිලධාරී චම්පිකා පද්මකාන්ති මහත්මිය විසින් සිදුකරන ලදී.


















