හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි,කාන්තා කාර්ය සංවිධානය මගින් සංවිධානය කරන ලද එක් දින රූපලාවණ්‍ය වැඩමුළුව ,2023-09-21 වන දින පාලගම ශ්‍රි වර්ධනාරම විහාරස්ථානයේ දී සාර්ථක ව පවත්වන ලදී.
විවිධ අවස්ථා සඳහා සාරියක් නිවැරදිව ඇඳීමේ සිට රූපාලංකරණය සඳහා අවැසි පේෂල්, මේකප් හා කොණ්ඩා මෝස්තර , රූපලාවන්‍යාගාර වෙත නොගොස් තමාවිසින්ම කරගැනීම සඳහා මෙන්ම, එ් සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමටත්,ඉන් මානසික තෘප්තියත් අතිකරලීම මෙම වැඩසටනෙහි අරමුණ විය.
රූපලාවන්‍ය ශිල්පිනී පුෂ්පා මල්දෙණිය මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර, වැඩසටහන අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී ,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .



















