හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පානළුව ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීම 2023.09.24 වන දින පානළුව ප්රජා ශාලා පරිශ්රයේ දී සිදු කරන ලදී.
ක්රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්රමවේදයන් පිළිබඳව ප්රජාව දැනුවත් කිරීම සහ නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා ග්රාම නිලධාරී ,වනිතා සංවර්ධන නිලධාරී ඇතුළු කාන්තා ප්රජාව සහභාගී වූ අතර මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය වටරැක උතුර කාන්තා කාර්ය සංවිධානයේ සභාපති තුමිය විසින් සිදුකරන ලදි.


















