අංක 150 හෝමාගම සමථ මූල මණ්ඩලයට නව සාමාජිකයන් බදවා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2023.09.25 දින කටුවාන " පිංබිම" පරිශ්‍රයේ දී සිදු කරන්නට යෙදිණි.මේ සදහා 83 දෙනෙකු විසින් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර, අධිකරණ අමාත්‍යාංශය, සමථ මණ්ඩල කොමිෂන් සභාව හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මග පෙන්වීම් මත මෙම වැඩසටහන සංවිධානය විය.
අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම්, සමථ මණ්ඩල කොමිෂන් සභාව නියෝජනය කරමින් දිස්ත්‍රික් පුහුණු නිලධාරී හා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවකින් සැදුම්ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කරන ලදී.
මාගම්මන බටහිර වසමෙහි ග්‍රාම නිලධාරී හා ඵලදායිතා සංවර්ධන නිලධාරීගේ සංවිධාන සහයෙන් කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



















