හෝමාගම කිතුලවිල ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් ඉකුත්දා කිතුලවිල තිස්සවන විහාරස්ථානයේදී පවත්වන ලදී.
බෝ නොවන රෝග වෛද්‍ය සායනය, සුවනාරී සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, දන්ත සායනය හා ඇස් පරීක්ෂා කිරීමේ සායනය මෙදින පැවැත්විණ.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය, දේශීය වෛද්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය අංශ විසින් මෙදින සායනික කටයුතු සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී .
කිතුලවිල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරිනී හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් මෙම සෞඛ්‍ය කදවුර සංවිධානය කරන ලදී.




















