හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මිගොඩ උතුර, පානළුව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සංවිධානය වූ අක්ෂි සායන වැඩසටහන 2023-10-07 වන දින මීගොඩ ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්රතිපාදනයෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී විය .
මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කාර්යාලයීය සමාජ සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි(සමාජ සේවා ),මිගොඩ උතුර ග්‍රාම නිලධාරි සහ මීගොඩ උතුර සංවර්ධන නිලධාරි විසින් සිදුකරන ලද අතර , මිගොඩ උතුර කාන්තා කාන්තා සංවිධානය විසින් ඒ සඳහා අවැසි සංවිධාන සහය ලබාදෙන ලදී.



















