මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනි සිටීමට අපේක්ෂිත සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "වෘත්තිය මාර්ගෝපදේශ වැඩසටහන" 2023-10-04 වන දින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී පවත්වනු ලැබුණි.
අ.පො.ස.උසස් පෙළ විභාගයෙන් අනතුරුව දරු දැරියන්ගේ ජීව්තය වඩාත් සාධනීය මාවතකට අවතීර්ණ කරවීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනලද මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.
මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී ආනන්ද ව්ජේකෝන් මහතා විසින් මේ සඳහා අවැසි සම්පත්දායකත්වය ලබාදුණි .



















