සමථකරණය සහ ප්‍රජා ඵලදායිතාව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම හා සහජීවන කමිටු පිහිටුවීමේ වැඩසටහන  2023-10-06 වන දින දියගම සාල වනෝද්‍යාරාම විහාරස්ථානයේදී  පවත්වනු ලැබුණි.

 

සමථකරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම හා ගැටලු ආරවුල් ඇති පවුල් හඳුනාගනිමින් ඒ සඳහා   අවශ්‍ය කටයුතු  සැලසීම    මෙන්ම සහජීවනතා කමිටු පිහිටුවීම ද  ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කර අදාළ උපදෙස් ලබා දීම හා මග පෙන්වීම් සිදු කිරීම තුළින් ප්‍රජාව තුළ වඩාත් උසස් ජීවන පැවැත්මක් ඇති කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

මේ සඳහා ප්‍රතිලාභීන් 30කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිම්විය.

කාර්යාලයීය සමෘද්ධි සංවර්ධන  නිලධාරී චමිලා ජයතුංග  මහත්මියගේ සම්බන්ධීකරණයෙන්  සමෘද්ධි සංවර්ධන නිලධාරී හිමාලි චම්පිකා මහත්මියගේ සංවිධානයෙන් යුක්ත වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සමථ නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන  නිලධාරී  කමනි  ඩයස් මහත්මිය විසින් ලබාදෙන ලදී.

20231006programonmediation

20231006programonmediation 3

20231006programonmediation 4

20231006programonmediation 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top