හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙටු පුරවැසියන් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය 2023-10-13 වන දින ගොඩගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් , ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන්නට යෙදුණි .
මෙහිදී ,වැඩිහිටි හැදුණුම්පත් 240ක පමණ ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකියාව ලැබී ඇත.
මෙම අවස්ථාව සඳහා කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය , දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ,නාවලමුල්ල,ගොඩගම උතුර ,ගොඩගම දකුණ , හබරකඩවත්ත, හබරකඩ දකුණ , හබරකඩ උතුර , හේනවත්ත , පනාගොඩ නගරය හා පනාගොඩ බටහිර වසම්හි ග්‍රාම නිළධාරීන් මෙන්ම ගොඩගම උතුර , පනාගොඩ නගරය හා මීගොඩ උතුර යන වසම්හි සංවර්ධන නිළධාරීන් සහභාගී විය.



















