හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමෙහි "දිදුලන "කාන්තා කාර්ය සංවිධානයෙහි කාරක සභා රැස්වීම සහ මාසික රැස්වීම 2023-10-14 වන දින මීගොඩ දෙණිය ප්‍රජා ශාලාවේදී පැවත්විණි.
මේ හා සමගාමීව කාන්තාවන් උදෙසා ආදායම් මාර්ගයක් ලෙසද නිවසෙහි භාවිතය සඳහාද යොදාගත හැකි පාපිසි ගෙතීම පිළිබඳ පුහුණු වැඩසටහනක් පවැත්වීමට කටයුතු සංවිධානයව තිබුණි.
මේ සඳහා සම්පත් දායකත්වය මනෝශා මහත්මිය විසින් ලබා දෙන ලද අතර මෙම වැඩසටහනෙහි අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී.


















