ඔක්තෝම්බර් මස 10වන දිනට යෙදී තිබුනු ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ ලෝක ළමා දිනය ද සමාගාමී කොට ගෙන සංවිධානය වූ රසවින්දන වැඩසටහන සහ පාසල් ළමුන් වෙත නිලඇඳුම් බොදදීමේ වැඩසටහන 2023-10-13 වන දින බිත්තිකුඹුර පුරාණ විහාර පරිශ්‍රයේදී පැවැත්විණි .
මේ සඳහා විශෝධනලාභීන්, ඔවුන්ගේ දරුවන් හා තෝරාගනු ලැබූ දරුවන් සහ ඔවුනගේ දෙමාපියන් ප්‍රතිලාභීන් ලෙස තෝරාගනු ලැබිණි .
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කොළඹ දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍ය නිලධාරී චානක එල්.පාන්ඩියප්පෙරුම මහතා විසින් ලබා දෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන්නට යෙදුණි.
ඒ සඳහා අවැසි සහාය විදේශ රැකියා සංවර්ධන නිලධාරී , මුල් ළමාවිය සංවර්ධන නිලධාරී සහ මහරගම ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී විසින් ලබාදුණි .


















