හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මුල්ලේගම උතුර ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීම 2023.10.17 වන දින ආර්ථික සංවර්ධන නිලධාරිණියගේ සහභාගීත්වයෙන් එම වසමෙහිදී පැවැත්විණි.
මෙහිදී,නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හා කාන්තා කාර්ය සංවිධානයේ අරමුණු ,වගකීම පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරි ඇතුළු වසමෙහි කාන්තා ප්රජාව සහභාගී විය.
මුල්ලේගම උතුර වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















