හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙන්පිට ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීම 2023.10.18 වන දින හේන්පිට සේවා පියස පරිශ්රයේ දී සිදුකරන ලදී.
නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හා කාන්තා කාර්ය සංවිධානයක අරමුණු හා එමගින් ප්රජාව ආර්ථික, සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා සැලසුම් කොට ක්රියාත්මක වන වැඩපිළිවෙල මෙන්ම ඉන් ප්රජාව වෙත ලැබෙන ප්රතිලාභ පිළිබඳව මෙහිදී පැමිණි පිරිස දැනුවත් කිරීම සිදුකෙරුණි .
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















