ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය වෙතින්  සංවිධානය  වන, කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකත්වය ඇති, තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියෙහි  තවත් අදියරක් මෙලෙස ක්‍රියාත්මක විය.

 

 එනම්,කාන්තාවන් ස්වයං රැකියා ගත කිරීම සඳහා ඔවුනට අවැසි උපකරණ හඳුනා ගැනීම සඳහා  පවත්වන ලද  සම්මුඛ පරීක්ෂණය 2023.10.19 වන දින ගොඩගම "නිමංසල" උත්සව ශාලාවේ දී පවත්වන ලදී.

මේ සඳහා කාන්තාවන් 24දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය.

 "Chrysalis" ව්‍යාපෘති නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම කටයුත්තට අදාළව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ,  ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි කාර්යමණ්ඩල නිලධාරී, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගණකාධිකාරි  , කාර්මික සංවර්ධන මණ්ඩලයෙහි ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී  යන මහත්ම මහත්මීන්  සහභාගී විය.

මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කාර්යාලයිය  වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20231019Anotherserviceforupliftwomen

20231019Anotherserviceforupliftwomen 2

20231019Anotherserviceforupliftwomen 3

20231019Anotherserviceforupliftwomen 4

20231019Anotherserviceforupliftwomen 5

20231019Anotherserviceforupliftwomen 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top