හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රසන්නපුර ග්රාම නිලධාරී වසමෙහි දරුවන් සඳහා ළමා සමාජයක් පිහිටුවීම 2023-10-20 වන දින ප්රසන්නපුර ප්රජාශාලා පරිශ්රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා එම වසමෙහි දරුවන් ,දෙමාපියන් වඩාත් උනන්දුවෙන් සහභාගී වූ අතර, කාර්යාලයීය ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි .
වසමෙහි සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.




















