ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත ලෝක ළමා දින වැඩ සටහනෙහි ත්‍යාග සඳහා අවැසි අරමුදල් උපයා ගැනීමේ අරමුණින් සුවපුබුදුගම ග්‍රාම නිලධාරී වසමෙහි " පුබුදු " ළමා දරුවන් විසින් ආහාර ප්‍රදර්ශනයක් 2023-10-22වන දින සුවපුබුදුගම ප්‍රජාශාලා පරිශ්‍රයේදී පවත්වන ලදි
ඉතා සාර්ථක අයුරින් සංවිධානයව ,පවත්වන්නට යෙදුණු මෙම වැඩසටහන සඳහා වසමෙහි ග්‍රාම නිලධාරී,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ,සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරී (වැඩිහිටි), ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් දෙපළ සහභාගී විය .
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලද අතර ඒ සඳහා අවැසි සංවිධාන සහාය දරුවන්ගේ දෙමාපියන් විසින් ලබාදෙන ලදී .



















