හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන් ප්‍රධාන කලාකරුවන් වෙනුවෙන් සංවිධානය වූ ,"වර්තමාන සමාජ ගමන්මග තුළ කලාකරුවා සහ ඔහුගේ නිර්මාණ භාවිතය කොයිබටද ?" පිළිබඳ විද්වත් දේශනය 2023-10-24 වන දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
ප්‍රවීන සාහිත්‍යවේදී, පරිවර්තක, සම්මානිත කතුවර චූලානන්ද සමරනායක ශූරීන්ගේ සම්පත්දායකත්වය මෙම විද්වත් දේශනය සඳහා හිමිවිය.
කලාකරුවා සහ ඔහුගේ කාර්යභාරය , සමාජ පෙරගමන්කරුවෙකු ලෙස සාහිත්‍ය ,කලා නිර්මාණයන් තුළින් ජීවිතය සහ සමාජ විවරණය මෙන්ම සහකම්පනයන්ගෙන් යුත් කලාකරුවන්ගේ සමාජමය යුතුකම සහ වගකීම පිළිබඳ විවිධ කලාකෘති සහ අධ්‍යතන සමාජ සංස්ථාව ඇසුරු කරගනිමින් මෙම දේශනමය වැඩටහන පැවැත්විණි.
ලේඛකයින්, මාධ්‍යවේදීන්, විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන කලාකරුවන් සහ කාර්යාලයීය සංස්කෘතික නිලධාරීන් වන තිසරු කෝට්ටගේ මෙය සහ , නාලිනී ස්වර්ණලතා මහත්මිය ,සමෘද්ධි සංවර්ධන නිලධාරී චමිලා ජයතුංග මහත්මිය මේ සඳහා සහභාගී වූ අතර බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




















