හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ,කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කොට මේ වන ව්ට අසනීප තත්වයේ පසුවන කලාකරුවන් වෙත නිරෝගී සුවය සහ සෙත්පතා සංවිධානය කරන ලද බෝධිපූජාමය පිංකම 2023-10-23 වන දින හෝමාගම කටුවාන පිංබිම පූජාභූමි පරිශ්‍රයේදී සිදුකෙරුණි.
මේ සඳහා පූජ්‍ය ලුණුගල රතනසිරි ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ සේක.
හෝමාගම සංස්කෘතික බලමණ්ඩලය , හෝමාගම "කැළණිවැලි" ලේඛක සංවිධානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
කලාකරුවන් සහ සංස්කෘතික නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.



















