හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය සඳහා  2024  වර්ෂයට අදාළව  නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම උදෙසා  සංවිධානය වූ  නිලවරණය 2023.12.02 වන දින  උඩුවන සුපේෂලාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

 

කාන්තාවන් සවිබල ගැන්වීමත්,සමාජය සහ පවුල තුළ සිය වගකීම් සහ යුතුකම් මනාව ඉටුකරගනිමින්  සමාජය තුළ ස්ත්‍රී භුමිකාව  නංවාලීමේ අරමුණ වඩාත් සාක්ෂාත් කරගැන්මට යනගමන සඳහා අවැසි නිලධාරීන් මණ්ඩලයක් තෝරා පත්කරගැනීම මෙහිදී සිදුවිණ.

සංවිධානය සාර්ථකව පවත්වා ගැනීමේදී ලේඛන නිවැරදිව පවත්වාගෙන යාමටත්, විවිධ වැඩසටහන් සැලසුම්කරණය කර ගැනීම සඳහා අවැසි මග පෙන්වීම ලබාදීම වනිතා සංවර්ධන නිලධාරීතුමිය ව්සින්  මෙහිදී සිදුකරන්නට යෙදුණි .

වසමෙහි ග්‍රාම නිලධාරි , වනිතා සංවර්ධන නිලධාරී ප්‍රධාන කාන්තාවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහන සංවිධානය කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සිදුකරන ලදී .

 

20231202UduwanaWomensTask

20231202UduwanaWomensTask 2

20231202UduwanaWomensTask 3

20231202UduwanaWomensTask 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top