හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය සඳහා 2024 වර්ෂයට අදාළව නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම උදෙසා සංවිධානය වූ නිලවරණය 2023.12.02 වන දින උඩුවන සුපේෂලාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
කාන්තාවන් සවිබල ගැන්වීමත්,සමාජය සහ පවුල තුළ සිය වගකීම් සහ යුතුකම් මනාව ඉටුකරගනිමින් සමාජය තුළ ස්ත්රී භුමිකාව නංවාලීමේ අරමුණ වඩාත් සාක්ෂාත් කරගැන්මට යනගමන සඳහා අවැසි නිලධාරීන් මණ්ඩලයක් තෝරා පත්කරගැනීම මෙහිදී සිදුවිණ.
සංවිධානය සාර්ථකව පවත්වා ගැනීමේදී ලේඛන නිවැරදිව පවත්වාගෙන යාමටත්, විවිධ වැඩසටහන් සැලසුම්කරණය කර ගැනීම සඳහා අවැසි මග පෙන්වීම ලබාදීම වනිතා සංවර්ධන නිලධාරීතුමිය ව්සින් මෙහිදී සිදුකරන්නට යෙදුණි .
වසමෙහි ග්රාම නිලධාරි , වනිතා සංවර්ධන නිලධාරී ප්රධාන කාන්තාවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහන සංවිධානය කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සිදුකරන ලදී .


















