හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින්  සංවිධානය වූ "සමථකරණය සහ ආකල්ප සංවර්ධනය" පිළිබඳ  වැඩසටහන 2023-11-29වනදින හෝමාගම අධිකරණ සංකීර්ණ රැස්වීම්  ශාලාවෙහිදී පැවැත්විණි.

 

චිත්තවේග කළමනාකරණය තුළින් ආවේග පාලනය කර ගැනීම හා  ගැටලුවලින් තොර නිරවුල් මනසක් ඇති කරගැනීම,  ආකල්ප සංවර්ධනය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද  ආශ්‍රයෙන්  ප්‍රතිලාභීන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

  එසේම , මේ හා සමගාමීව ප්‍රජා ඵලදායිතා සංකල්පය    ප්‍රතිලාභීන් වෙත ගෙනයමින් ප්‍රජා ඵලදායිතා  සංවර්ධනය සහ  ගෙවතු වගා සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි .

මේ සඳහා අවැසි සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන නිලධාරී කමනි ඩයස් මහත්මිය විසින් ලබාදෙන ලදී.

වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කාර්යාලයීය ප්‍රජා විශෝ්ධන සංවර්ධන නිලධාරී නයෝමි ගුණසේකර මහත්මිය සහ වැඩ පරීක්ෂක ශකිලා මධුභාෂිණි මහත්මිය විසින් සිදුකෙරුණි

20231129AprogramonReconciliation

20231129AprogramonReconciliation 2

20231129AprogramonReconciliation 3

20231129AprogramonReconciliation 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top