ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් මෙහෙයවන ලද කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික , මේවන විට ස්වයං රැකියාවක නිරතවන , තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියෙහි ව්‍යවසායක කතුන් සඳහා හදිසි සහන සැපයීමේ වැඩසටහන යටතේ මෙම වියළි ආහාර මළු බෙදා දීම 2023-11-27වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසට සඳහා එම ව්‍යාපෘති නිලධාරීන් ද සහභාගී විය. රු. 1,800.000.00ක මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා වෙන්ව ඇති අතර මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .



















