හෝමාගම හේනවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 86, පැලෑදගොඩ, හේනවත්ත ලිපිනයෙහි වයස්ගතව රෝගීව තනිවම අනාරක්ෂිතව ජීවත්වූ ඩේවිට් ගුණතිලක මහතාට යහපත් ජීවිතයක් ගතකිරීමට ආරක්ෂිත නිවසක් ඉදිකර භාරදීම දෙසැම්බර් මස 04 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.
2023 ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව පැවැත්වූ දුම්වැටි හා මත්විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් හේනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් උපයා ගන්නා ලද රුපියල් 150,000/= ක මුදලින් හා පරිත්‍යාගශීලීන්ගේ උපකාර මත සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින්ගේ සහයෝගයෙන් මෙම නිවස ඉදිකර භාරදීමට කටයුතු කිරීම සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිරංජලා රතුගම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.
2023 දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි වැඩසටහනට වැඩිම ආදායමක් ඒකරාශීකරනය කිරීමට දායකත්වය දැක්වූ ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින් ඇගයීමද මෙදින සිදුකරනු ලැබීය.
සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමණාකරු පී.එස්. වේවැල්වල මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය , මීගොඩ සමෘද්ධි බැංකු කළමණාකරු ඒ.ආර්.රූපසිංහ මහතා , ග්‍රාම නිලධාරී , ප්‍රජා පොලිස් එිකකයේ නිලධාරීන් ,සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය , මීගොඩ සමෘද්ධි කලාප සහකාර ඉමල්කා රෝෂිනී මහත්මිය ඇතුළු සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරිනිය පරිත්‍යාගශීලීන් හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.



















