හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පානළුව ග්‍රාම නිලධාරී වසමෙහි විශාලත්වය හා භූමියේ පිහිටීම පදනම් කරගෙන ප්‍රජාව විසින් කරනා ලද ඉල්ලීමකට අනුව, ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම අනුව යමින් දැනට එම වසමෙහි ක්‍රියාත්මක වන කාන්තා කාර්ය සංවිධානයට අමතරව තවත් එක් නව කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවීම 2023.12.10 වන දින පානළුව විද්‍යාල පරිශ්‍රෙය් දී සිදු කරන ලදී.
මෙහිදී ,කාන්තා කාර්ය සංවිධානයක අරමුණු හා ඉලක්ක පිළිබඳව මෙන්ම ප්‍රජාවට ඉන් උදාකරගත හැකි සමාජ හා ආර්ථික වරප්‍රසාද පිලිබඳව නිලධාරීන් විසින් ප්‍රජාව දැනුවත් කරන ලදී.
එසේම උදාවන 2024 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හා සංවිධානය මගින් සපුරාගතයුතු ඉලක්ක ලබා දීම වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදු කරන්නට යෙදුණි .
මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරී,වනිතා සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ ගරු සභාපති යන අයගේ සහභාගීත්වය හිමිවිය .
ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී .



















