හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරු ලැබීමෙන් අනතුරුව, නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ හිටපු සහකාර අධ්යක්ෂ චමල් ඩී.තේනුවර මහතා හෝමාගම නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා ඉදිරියේදී හතරවෙනි (4 ) බ්‍රහස්පතින්දා දින සිදු විය.
හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා, පරිපාලන නිලධාරිනිය, ප්‍රධාන කළමනාකාර සහකාර නිලධාරිනිය ප්රමුඛ කාර්යාලයීය නිලධාරීන් හා . ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යා විභූෂන කීර්ති ශ්‍රී දේශමාන්‍ය, පාරම්පරික වෛද්‍ය නවරත්න මැණිකේ දිසානායක මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූහ.


















