හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රජා විශෝධන ආඥාාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "ඇබ්බැහි වීමේ චර්යාවන් පිළිබඳව දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන" 2024-01-10 වන දින හෝමාගම අධිකරණ සංකීර්ණ රැස්වීම් ශාලාවෙහිදී පවත්වන ලදී.
ප්රජා විශෝධන ආඥාලාභීන් වෙනුවෙන් පැවැත්වෙන සාමූහික උපදේශන වැඩසටහන් මාලාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සඳහා ආඥාලාභීන් 09 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවූ අතර, වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කාර්යාලයීය ප්රජා විශෝධන සංවර්ධන නිලධාරී විසින් සිදුකෙරුණි .
















