හෝමාගම සිද්දමුල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි කැකුළු ළමා සමාජය ප්‍රතිසංවිධානය කිරීම හා ළමා සාමාජිකයින් වෙනුවෙන් ඉතුරුම් කැට ලබාදීමක් පසුගියදා සිද්දමුල්ල උතුර ග්‍රාම නිලධාරී කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
සිද්දමුල්ල උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරී රෝහිත නීල් කත්‍රිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කරන ලද අතර සිද්දමුල්ල උතුර ග්‍රාම නිලධාරී තුමිය සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජිකයින් දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.




















