හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හෙරලියාවල ග්රාම නිලධාරී වසමෙහි ප්රජාව ඉලක්ක කරගනිමින් සංවිධානය වූ උපදේශනමය වැඩසටහන 2024-02-08 වන දින එම වසමෙහි ප්රජාශාලා පරිශ්රයේදී පැවැත්විණි .
ග්රාමීය ප්රජාවගේ යහපත් මානසික පැවැත්ම අරමුණු කරගන්මින් ""මානසික ගැටලු කළමනාකරණය "මැයෙන් මෙම උපදේශනමය වැඩසටහන පැවැත්විණි .
කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය හෙරලියාවල ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී .

















